කොරෝනා වෛරසය පාලනයට රුපියල් මිලියන 50 කට වැඩි වටිනාකමින් යුත් වෛද්‍ය උපකරණ තොගයක් චීන රජය පරිත්‍යාග කළා.
ශ්‍රී‍්‍ර ලංකාවේ වැඩබලන චීන තානාපති හූ වෙයි මහතා එම වෛද්‍ය උපකරණ සහ ආරක්ෂිත සෞඛ්‍ය උපකරණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට භාර දී තිබෙනවා. අන්තර්ජාල මගින් ව්‍යාපාර සිදුකරන අලිබාබා ආයතනය ලබාදුන් රුපියල් මිලියන 25කට වැඩි වටිනාකමින් යුත් මුව ආවරණ ලක්ෂයද ඊට ඇතුලත්.
කොරෝනා ව්‍යප්තිය පාලනය සහ වැළැක්වීම සදහා රජය ගෙන යන වැඩපිලිවෙල ශක්තිමත් කිරීමයි මෙම පරිත්‍යාගයේ අරමුණ වී තිබෙන්නේ.
The post ශ්‍රී ලංකාවේ කොරෝනා පාලනයට චීන රජයෙන් මිලියන 50කට අධික වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් appeared first on ITN News.
Post a Comment