Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Jun 28

ජපානයේ පෞද්ගලික ආයතනයක් ස්මාර්ට් මුඛ ආවරණක් හඳුන්වාදෙයි  

Add comments

නව්‍ය කොරෝනා වෛරසයෙන් ආරක්‍ෂා වීම සඳහා ස්මාර්ට් මුඛ ආවරණ හඳුන්වාදීමට ජපානයේ පෞද්ගලික ආයතනයක් ක්‍රියාකර තිබෙනවා.

මුඛ ආවරණයක් පැළඳ අන් අය සමඟ අදහස් හුවමාරු කර ගැනීමේදී හඬ පැහැදිලිව ශ්‍රවණය නොවීමේ ගැටලුවක් පවතිනවා. නිපදවා ඇති මෙම නව මුඛ ආවරණය තුළින් පණිවුඩයක් භාෂා 8 කට පරිවර්තනය කළ හැකි වීම විශේෂත්වයක්. එමෙන්ම බ්ලූටූත් ඔස්සේ ස්මාර්ට් ජංගම දුරකතනයකට හෝ ටැබ් පරිගණකයකට ද සම්බන්ධ කළ හැකියි. එමෙන්ම ප්‍රකාශ කරන දේ කෙටි පණිවුඩයක් ලෙසට යතුරු ලියනය කිරීමේ හැකියාව ද පවතිනවා. ජංගම දුරකතනයෙන් ඇමතුම් ලබා ගැනීමට හා මුඛ ආවරණය පළඳින පුද්ගලයාගේ හඬ වෙනස් කිරීමට ද මෙමගින් හැකියාව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

The post ජපානයේ පෞද්ගලික ආයතනයක් ස්මාර්ට් මුඛ ආවරණක් හඳුන්වාදෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG