Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාත්තන්කුඩි ම්ලේච්ඡ ප්‍රහාරය සිදුවී අදට වසර 30 යි  

Add comments

කාත්තන්කුඩියේදී ආගමික වතාවත්වල යෙදී සිටි ඉස්ලාම් බැතිමතුන් 147 දෙනෙකු කොටි ත්‍රස්තයින්ගේ ම්ලේච්ඡ ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත්වූ ඛේදවාචකය සිදුවී අදට වසර 30ක් සපිරෙනවා.

1990 අගෝස්තු 03 වන සිකුරාදා දිනය උදාවූයේ කාත්තන්කුඩි ප්‍රදේශයේ ජනතාවට නව බලාපොරොත්තු රැසක්ද එක් කරමින්.  වේලාව රාත්‍රී 7:30 පමණ වන විට අල්හුසේනියා හා මීරාජුම්මා පල්ලි වෙත එක් රැස් වූ දහස් ගණන් ඉස්ලාම් බැතුමතුන් දවසේ අවසාන යාඥාව ඇරඹුවා.  අල්ලා දෙවියන්ට යාඥා කරමින් භක්තියෙන් හදවත පුරවාගෙන සිටි මෙම පිරිස තවත් නිමේෂයකින් සිදුවන මහා විනාශය පිළිබඳ කිසිවක් දැන සිටියේ නැහැ.

පල්ලියේ විදුලිය එක්වරම විසන්ධි වූ අතර ඒ සමගින්ම කඩා වැදුණු කොටි ත්‍රස්තයින්ගේ හිත් පිත් නැති ගිනි අවිවලින් නිකුත් වූ වෙඩි උණ්ඩ සිය ගණනින් බැතිමතුන්ගේ සිරුරු පසාරුකරගෙන ගියේ පල්ලි භූමියම ලේ විලක් බවට පත් කරමින්.  මර ලතෝනි හඩ මුළු ප්‍රදේශයම කම්පාවට පත් වෙද්දී පල්ලිය තුළට බෝම්බ තුනක්ද පතිතවුණා.  එම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් බැතිමතුන් 147 දෙනකු ජීවිතක්‍ෂයට පත් වූ අතර තවත් 110ක පිරිසක් බරපතල තුවාල ලැබුවා.  එම ඝාතනයට 30 වසරක් සපිරෙන අද දිනයේ එම පල්ලි භූමියට එක්වූ කාත්තන්කුඩි ජනතාව මියගිය පිරිස් සිහිපත් කරමින් විශේෂ යාඥාවක නිරත වුණා. ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශ ද අනුගමනය කරමිනුයි. මෙම ම්ලේච්ඡ ප්‍රහාරයට විරෝධය දක්වමින් සුදු සහ කළු කොඩිද එල්ලා තිබුණා.

 

The post කාත්තන්කුඩි ම්ලේච්ඡ ප්‍රහාරය සිදුවී අදට වසර 30 යි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG