ගත වූ පැය 24 ට වාර්තා වූ ආසාදිතයින් පනස්හතරදහස් පන්සිය හතරත් සමග ඇමෙරිකාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ හතළිස් නවය ඉක්මවා තිබෙනවා.
ඊයේ දිනයට එරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව එක්දහස් තුන්සියයකට වැඩි ගණනකින් ඉහළ ගිය අතර මේ වන විට එරට සමස්ත මරණ සංඛ්‍යාව එක්ලක්ෂ හැටදහස් දෙසිය අනූවක්. කෙසේ වුවද ට්‍රම්ප් පරිපාලනය යළි විවෘත කිරීමට සූදානම් වීමට එරෙහිව ඇමෙරිකා ජනාතාව විරෝධතා පවත්වන බවයි වාර්තා වන්නේ. මේ අතර ඇමෙරිකාව තුළ වෛරසය පාලනය කිරීමට සමත්ව ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
The post ඇමෙරිකාවෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 49 ඉක්මවයි appeared first on ITN News.
Post a Comment