ඇමෙරිකාවේ මීළග අභ්‍යවකාශ ගවේෂණ යානය වන ස්පේස් එක්ස් පෞද්ගලික ගගන ආයතනයේ කෘෘ ඩ්‍රැගන් යානය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් නික්මුණු බව නාසා ආයතනය නිවේදනය කළා.
දශකයකට පසු ඇමෙරිකානු අභ්‍යවකාශ යානයකින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගිය ඇමෙරිකානු ගගනගාමීන් දෙදෙනා එහි දින 62ක් ගත කළා. එක කාලය තුළ ඔවුන් වාර 1024 ක් පෘථිවිය වටා ගමන් කළ අතර අභ්‍යවකාශයේ ඇවිදීම් හතරකට ද එක්වුණා. කෘෘ ඩ්‍රැගන් යානය සාර්ථක ලෙස ජාත්‍යන්තර අභ්‍යවාශ මධ්‍යස්ථානයෙන් නික්මීම සිදුවී ඇති අතර එය ෆ්ලෝරීඩාවට ගොඩබැස්සවීමට නියමිතයි.
The post කෘෘ ඩ්‍රැගන් යානය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් නික්මෙයි appeared first on ITN News.
Post a Comment