කෝවිඩ් නයින්ටීන් අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහ මැතිවරණයක් පැවැත් වූ දකුණු ආසියාවේ පළමු රට බවට ශ්රී ලංකාව පත් වු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා.
විශේෂ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රජයේ සෞඛ්යාරක්ෂිත ක්රමවේදයන් පිළිබඳ විශ්වාසය තැබූ සියලු දෙනා වෙත තම ස්තූතිය පළ කරන බවයි සඳහන් කළේ. ඊයේ පැවති මහ මැතිවරණයේදී සියයට හැත්තෑ එකකට ආසන්න ඡන්ද දායකයන් පිරිසක් ඡන්දය ප්රකාශ කර ඇති බවද ජනාධිපතිතුමා පෙන්වා දෙනවා. කෝවිඩ් නයින්ටීන් අවදානම හමුවේ වුවද ජනතාව සෞඛ්යාරක්ෂිත ක්රමවේදයන් පිළිබඳ තැබූ විශ්වාසය ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් වුණා.
The post කොරෝනා අවදානම නොතකා ජන්දය ගැන ජනතාව තැබූ විශ්වාසයට ජනපතිගෙන් ප්රසාදය appeared first on ITN News.
Post a Comment