නිරිතදිග මෙක්සිකෝවේ ඉගුවාලා ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් මාධ්‍යවේදියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම වසර තුළදී ඝාතනයට ලක් වූ හතරවන මාධ්‍යවේදියා මොහු බවයි වාර්තා වන්නේ. ඔහු ආපන ශාලාවක් තුළ ආහාර ගනිමින් සිටියදී නාදුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ හා පාතාල ක්‍රියාකාරකම් බහුල රටක් ලෙස මෙක්සිකෝව සැළකෙන අතර මධ්‍යවේදීන්ට එරට තුළ හිමිවන්නේ ඉතාමත් සුළු නිදහසක් බවයි විශ්ලේෂකයින් සඳහන් කරන්නේ.
The post නිරිතදිග මෙක්සිකෝවේ වෙඩි තැබීමකින් මාධ්‍යවේදියෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment