මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්ත මන්ත්‍රි නිරෝෂන් ප්‍රේමරත්න මහතා රචනා කළ මාතර මිනිහෙක් ග්‍රන්ථය දොරට වැඩීම රුහුණු විශ්වවිද්‍යාලයේ දී සිදු කෙරුණා.
වසර 4 ක තම දේශපාලන ජීවිතයේ දී පාර්ලිමේන්තු සභාවාර අමතමින් නිරෝෂන් ප්‍රේමරත්න මහතා සිදුකළ හැන්සාඩ් ගතවූ කතා ඇතුළත් කර මාතර මිනිහෙක් කෘතිය රචනා කර තිබෙනවා. රුහුණ විශ්වවිද්‍යාලයේ රවින්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශාලාවේ පැවති උත්සවයට පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙනේ විහාරාධිපති පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන විමලවීර දිසානායක සහ පාලිත තෙවරප්පෙරුම යන මහත්වරුනුත් ප්‍රධාන ආරාධිතයන් ලෙස එක්වුණා. තම ජිවිතය වෙනස් කිරීමට මුල්වූ චරිත කිහිපයකට මුල්ම ග්රන්ථ පිරිනැමිමටයි නිරෝෂන් ප්‍රේමරත්න මහතා කටයුතු කළේ.
The post මාතර මිනිහෙක් ග්‍රන්ථය දොරට වඩී appeared first on ITN News.
Post a Comment