අද දිනයේ ද දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ලබන 7 වනදා දක්වා මහමැතිවරණය වෙනුවෙන් හදිසි ආපදා ඒකකයක් ද ක්‍රියාත්මකයි.
මහ මැතිවරණ සමයේ ඇතිවිය හැකි ආපදාවන්ට මුහුණදීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වනවා. පැය 24 පුරා ක්‍රියාත්මක 114 හදිසි ඇමතුම් අංකය මගින් ආපදාවන් පිළිබඳ ආපදා කළමනාකරන මධ්‍යස්ථානය දැනුවත් කළ හැකියි. එමෙන්ම තවත් දුරකතන අංක කිහිපයක් ද ඒ සඳහා හදුන්වා දී තිබෙනවා. සියලු දිස්ත්‍රික්කවල ආපදා කළමනාකරන ඒකක ඕනෑම ආපදාවකට මුහුණදීම සඳහා සූදානම් කර තිබෙනවා.
The post අද දිනයේ දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි appeared first on ITN News.
Post a Comment