දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර 50ක පමණ තද වර්ෂාවක් හටගත හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
සබරගමුව සහ මධ්‍යම පළාත් ද ඊට අයත්. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සුළඟේ වේගයට පැයට කිලෝමීටර 60 දක්වා ඉහළ යාහැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් සඳහන් කළේ.
කන්කසන්තුරේ සිට මන්නාරම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 දක්වා ඉහළ යාමේ හැකියාවක් ද පවතිනවා.
The post දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි appeared first on ITN News.
Post a Comment