පසුගියදා අත්අඩංගුවට ගත් රුපියල් කෝටියක් වටිනා ගංජා හේන් හතරෙන් එක් ගංජා හේනක් ආයුර්වේද දෙපාර්තමේන්තුවට භාර දීමට අද පියවර ගැනුණා. විශේෂ කාර්ය බළකාය කළ වැටලීමකදීයි මෙම ගංජා හේන් සොයා ගැනුණේ.
හම්බගමුව අලුත්වැව ප්රදේශයේ මෙම ගංජා හේන් පවත්වාගෙන ගිය සැකකරුවන් හතර දෙනෙකුද අත්අංගුවට ගැනුණා. දීර්ඝ කාලයක් තිස්සේ හේන් පවත්වාගෙන ගිය බවටයි තොරතුරු ලැබී තිබුණේ. අක්කර භාගය බැගින් වූ ඉඩම් කැබලි හතරක කෙසෙල් වගා කරන මුවාවෙන් සූක්ෂම ලෙස මෙම වගා කටයුතු සිදු කර තිබූ බවයි විශේෂ කාර්ය බළකාය සඳහන් කරන්නේ. අඩි 10 ක් පමණ උසට වැවී තිබූ අක්කර භාගයක ගංජා හේනක් ආයුර්වේද දෙපාර්තමේන්තුවට භාර කිරිම අද සිදු කෙරුණා. සෙසු ගංජා හේන් තුන ගිනි තබා විනාශ කිරිමටයි පියවර ගැනුණේ.
The post අත්අඩංගුවට ගත් ගංජා හේන් හතරෙන් එක් ගංජා හේනක් ආයුර්වේද දෙපාර්තමේන්තුවට appeared first on ITN News.
Post a Comment