2020 මහ මැතිවරණයේ ප්‍රතිඵල ඇතුළු සියලු තොරතුරු එසැණින් ඔබ වෙත ගෙන ඒමට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
නවීන තාක්ෂණය සමඟ HD මැදිරියේ සිට ප්‍රතිඵල විකාශය ගෙනඒමටයි කටයුතු යොදා ඇත්තේ.
ස්වාධීන රූපවාහිනී VOTE 2020 විශේෂ මැතිවරණ විකාශය ආරම්භ කෙරුණේ අද උදෑසන 9ටයි. මැතිවරණයේ සියලු තොරතුරු ලද සැණින් එසැනින් ඔබ වෙත සමීප කිරීමට කටයුතු කෙරෙනවා.
ස්වාධීන රූපවාහිනිය, ලක්හඩ ගුවන් විදුලිය, වසන්තම් TV , වසන්තම් FM ඔස්සේ ද ප්‍රතිඵල විකාශය ගෙන ඒමටයි කටයුතු සුදානම් කර ඇත්තේ.
එමෙන්ම ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ Facebook පිටු හරහාද ප්‍රතිඵල එම මොහොතේදීම දැනගත හැකියි. එමෙන්ම ITN SMS Alert සේවාව හරහා ප්‍රතිඵල ඔබේ ජංගම දුරකතනයට ගෙන්වා ගත හැකියි. එමෙන්ම itntv.lk වෙබ් අඩවියෙන් සජීවීව ප්‍රතිඵල විකාශය නැරඹීමේ අවස්ථාව උදා කර දී තිබෙනවා.
මාධ්‍ය මෙහෙයුම වෙනුවෙන් සෑම දිස්ත්‍රික්කයම සිටින විශේෂ මාධ්‍ය කණ්ඩායම් හා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ද සම්බන්ධ කර ගැනීමටයි කටයුතු සම්පාදනය කර තිබෙන්නේ.
The post VOTE 2020 : ලද සැණින් එසැණින් ප්‍රතිඵල රටටම දෙන්න ITN මාධ්‍ය ජාලය සූදානමින් appeared first on ITN News.
Post a Comment