ධවල මන්දිරයේ පැවැත්වූ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මාධ්‍ය හමු ආවරණ කළ මාධ්‍යවේදීන් තුන් දෙනෙකුටත් කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා
ජනාධිපතිවරයා කෝවිඩ් වෛරස ආසාදිතයකු ලෙස තහවුරු වීමත් සමගින් ධවල මන්දිරයේ මාධ්‍ය ආවරණ කටයුතුවල නිරත වූණු සියලු මාධ්‍යවේදීන් කෝවිඩ් නයින්ටීන් වෛරස පරික්ෂාවට ලක් කිරීමත් සමගින් මෙම තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොවිඩ් ආසාදිතයකු බව තහවුරු වී පැය 24 ක් ගතවීමටත් පෙර ඔහු රෝහල් ගත කිරීඹට කටයුතු කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ ඔහු හුස්මගැනීමේ අපහසුතාවකින් පෙලෙන බවට තොරතුරු අනාවරණය වීමත් සමගින්. මේ වන විට ජනාධිපතිවරයා වොෂින්ටනයේ රීඩ් ජාතික හමුදා රෝහල වෙත රැගෙන යාමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
කෝවිඩ් වෛරසය ආසාදනය වූ මෙලානියා ට්‍රම්ප් ආර්යාවට සුළු රෝග තත්ත්ව පවතින අතර පවුලේ අනික් සාමාජිකයන්ට වෛරසය ආසාදනය වී නොමැති බවයි අනාවරනය වී තිබෙන්නේ.
The post ධවල මන්ධිරයේ මාධ්‍යවේදීන් තුන් දෙනෙකුටත් කොරෝනා appeared first on ITN News.
Post a Comment