මෙරට ඉදිවන විශාලතම සුළං විදුලි බලාගාරයක් වන මන්නාරම සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ඉදිරි මාස දෙක තුළ අවසන් කිරීමට කටයුතු යොදා තිබෙනවා.
මන්නාරම සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ සහ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ නිරීක්ෂණයට ලක්වුණා. ජනන යන්ත්‍ර 30කින් සමන්විත මෙම ව්‍යාපෘතිය මෙගාවොට් 103ක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට නියමිතයි.
මන්නාරම දකුණු වෙරළ තීරයේ කිලෝමීටර් 12 ක් දක්වා විහිදි ඇති මෙම ජනන යන්ත්‍ර සදහා අත්කරගෙන ඇති භූමි ප්‍රමාණය අක්කර 320ක්.
මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ බොරැල්ල නව ප්‍රාථමික උප පොළ පසුගියදා විවෘත කෙරුණා. මෙගාවොට් 48 ක ධාරිතාවක් විදුලිය බෙදා හැරීමේ ජාලයට සම්බන්ධ කිරීමයි මෙහිදී සිදු කෙරුණේ. ලංකා විදුලිබල මණ්ඩලයට වසර 50ක් පිරීම වෙනුවෙන් ඉදි කෙරුණු නව උප පොළ විවෘත කෙරුණේ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන්.
The post මෙරට විශාලතම සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ඉදිරි මාස දෙක තුළ අවසන් appeared first on ITN News.
Post a Comment