ලෝක අමද්‍යප දිනය අදට යෙදී තිබෙනවා. මත්රකුසාගෙන් අනාගත පරපුර ගලවා ගැනීමට පෙළ ගැසෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.
ලොව පුරා ව්‍යාප්තව ඇති මත්පැන් හේතුවෙන් ඇතිවන සමාජ ව්‍යසනයට ප්‍රතිචාරයක් ලෙස අමද්‍යප ව්‍යාපාර බොහෝ රටවල සංවිධාන කෙරුණා. පළමුව එක්සත් ජනපදයේත් පසුව එක්සත් රාජධානියේත් ආරම්භ වූ අමද්‍යප ව්‍යාපාර ක්‍රමයෙන් වෙනත් රටවලට ද ගමන් කළා. මත්පැන් පානයට එරෙහිව ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යාපාරයක් ආරම්භ වූයේ 19 වන සියවසේදීයි. දිවයින පුරා සුරාසල් විවෘත වන විට ස්වදේශිකයන් මත්පැන් පානයෙන් ගලවා ගැනීමේ ප්රචාරක ව්‍යාපාරයක් ලෙස මෙරට අමද්‍යප ව්‍යාපාරය ක්‍රියාත්මක කෙරුණා.
2005 වසරේ මහින්ද චින්තන මැතිවරණ ප්රකාශනය මගින් මතට තිත වැඩසටහන හඳුන්වා දීමේ අපේක්ෂාව වූයේ ද තරුණ පරපුර මත් රකුසාගෙන් ගලවා ගැනීම බව අමද්‍යප දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරනවා.
මත්ද්‍රව්‍ය හේතුවෙන් මාපිය සෙනෙහස අහිමි වූ දරුවන් මෙන්ම විවිධ අකටයුතුකම්වලට ලක් වූ දරුවන් බොහොමයක් තම ජීවිතයෙන් වන්දි ගෙවන බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ. රටේ අනාගතය භාර ගැනීමට සිටින පිරිස මෙම ව්‍යසනයෙන් ගලවා ගත යුතු බව අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
The post ලෝක අමද්‍යප දිනය අද appeared first on ITN News.
Post a Comment