ඉරානයේ ජ්‍යෙෂ්ඨ න්‍යෂ්ටික විද්‍යාඥයෙක් වන මොෂේන් ෆක්රිෂාඩේ එරට අගනුවරට ආසන්න නගරයක දී ඝාතනය කර ඇති බව වාර්තා වනවා.
ටෙහෙරාන් නගරයට ආසන්න ඩමවාන්ඩ් නම් ප්‍රදේශයේ දීයි ඔහු ඝාතනය කර ඇත්තේ. එම ඝාතනය හෙළා දකිමින් ඉරාන විදෙස් අමාත්‍ය මොහොමඩ් ජවාඩ් ෂරීෆ් පවසන්නේ එය රාජ්‍යයක් විසින් කරන ලද ත්‍රස්ත ක්‍රියාවක් බවයි. බටහිර බුද්ධි අංශ පවසන්නේ ඉරානය සිදු කරගෙනු යනු ලබන රහසිගත න්‍යෂ්ටික අවි වැඩසටහන පිටුපස සිටින ප්‍රධාන චරිතය වන්නේ ෆක්රිෂාඩේ බවයි. එම න්‍යෂ්ටික විද්‍යාඥයා සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී පුද්ගලයින් පිරිසක් ඔහුට වෙඩි ප්‍රහාර එල්ල කර තිබෙනවා.
එහිදී ඔහු තුවාල ලබා ඇති අතර ඔහුගේ ආරක්ෂකයින් එල්ල කළ ප්රතිප්රහාරවලින් හතර දෙනෙක් මිය ගිය බව වාර්තා වනවා. 2010 – 2012 අතර කාල සීමාවේදි ඉරාන න්‍යෂ්ටික විද්‍යාඥයින් හතර දෙනෙකු ඝාතනය කර ඇති අතර ඊට එරෙහිව ඉරානය ඊශ්‍රායලයට චෝදනා එල්ල කරනවා.
The post ඉරානයේ ජ්‍යෙෂ්ඨ න්‍යෂ්ටික විද්‍යාඥ මොෂේන් ෆක්රිෂාඩේ ඝාතනය කෙරේ appeared first on ITN News.
Post a Comment