සාගර ආරක්ෂාව පිළිබද හතරවන මට්ටමේ උපදේශක රැස්වීමට සහභාගිවීම සදහා ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා හා මාලදිවයින් ආරක්ෂක අමාත්‍යවරිය මෙරටට පැමිණියා.
ඉන්දීය ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවාල් මහතා ඇතුළු එරට ආරක්ෂක අංශයේ උසස් නිලධාරීන් පස් දෙනෙකු මෙසේ කටුණායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන් දිවයිනට ළගාවුණා. එම පිරිස පිළිගනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාල නිලධාරීන් විසින්.
මේ අතර මාලදිවයින් ආරක්ෂක අමාත්‍යවරිය වන මාරියා අහමඩ් ඩිඩී මහත්මිය ඇතුළු නියෝජිතයින් හත් දෙනෙකු ද සාගර ආරක්ෂාව පිළිබද උපදේශක රැස්වීමට සහභාගිවීම සදහා අද (27) දහවල් මෙරටට පැමිණියා. එම රැස්වීම අද (27) සහ හෙට (28) දෙදින කොළඹදී පැවැත්වෙනු ඇති.
The post ඉන්දීය ආරක්ෂක උපදේශක සහ මාලදිවයින් ආරක්ෂක ඇමතිනිය දිවයිනට appeared first on ITN News.
Post a Comment