Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ට්‍රම්ප් ඇමෙරිකාවේ හිටපු ආරක්ෂක උපදේශකයාට සමාව දෙයි  

Add comments

රුසියා මැතිවරණ සම්බන්ධයෙන් FBI වෙත වැරදි තොරතුරු ලබාදීමේ චෝදනාවට වැරදිකරුවී සිටින ඇමෙරිකාවේ හිටපු ජාතික ආරක්ෂක උපදේශක මයිකල් ෆ්ලින්හට සමාව ලබාදීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබෙනවා.

රුසියා මැතිවරණයට මැදිහත්වීම සහ ඒ සම්බන්ධයෙන් වැරදි තොරතුරු එෆ් බී අයි නිලධාරීන්ට ලබාදීමේ චෝදනාවට මයිකල් ෆ්ලින් මෙන්ම තවත් පාර්ශ්ව කිහිපයකට චෝදනා එල්ලවුණා. ඔවුන් කළ වරද පිළිගැනීම හේතුවෙන් සමාව ලබාදිය යුතු බවයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ. 2017 වසරේ දී එවක සිටි රුසියා තානාපතිවරයා සමග සබඳතා පැවැත්වීම පිළිබද එෆ් බී අයි වෙත වැරදි තොරතුරු ලබාදී තිබූ බවටයි ඔහුට චෝදනා එල්ලවී ඇත්තේ. කෙසේ නමුත් මයිකල් ෆ්ලින් හට සමාව දීම ඇමෙරිකා රජයට මහත් අස්වැසිල්ලක් බවයි ධවල මන්දිරය ප්‍රකාශ කරන්නේ.

 

 

 

 

The post ට්‍රම්ප් ඇමෙරිකාවේ හිටපු ආරක්ෂක උපදේශකයාට සමාව දෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG