අද (20) උදෑසනින් අවසන් වූ පැය විසි හතර තුළ තවත් කොරෝනා ආසාදිතයින් හතලිස් පන් දහස් අටසිය අසූ දෙකක් හදුනා ගැනීමත් සමග ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව ලක්ෂ අනූව ඉක්මවා ගියා.
ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව අනූ ලක්ෂ හාරදහස් තුන්සිය හැට පහක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර බ්‍රිතාන්‍ය යේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ මූලිකත්වයෙන් නිපදවු කොරෝනා මර්දන එන්නත ලබන වසරේ පෙබරවාරි මාසයේ සිට ඉන්දියාවේ සෞඛ්‍ය සේවකයන් සහ වයස්ගත පුද්ගලයන් සදහා ලබා දීමට හැකිවනු ඇති බව වාර්තා වනවා. අප්‍රේල් මාසය වනවිට සාමාන්‍ය ජනතාවටද එය ලබාදිය හැකි බවයි සදහන් වන්නේ.
එක් පුද්ගලයෙකුට මෙම එන්නතෙහි මාත්‍රා දෙකක් ලබාදිය යුතු අතර එම මාත්‍රා දෙක ඉන්දීය රුපියල් දහසක උපරිම මිලකට ලබා දීමටයි සැලසුම් කර තිබෙන්නේ.
The post ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව ලක්ෂ අනූව ඉක්මවයි appeared first on ITN News.
Post a Comment