නිවාර් සුළි කුණාටුව හේතුවෙන් දකුණු ඉන්දියාවට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
පැයට කිලෝමීටර් 120ක වේගයෙන් හමාගිය සුළි කුණාටුවෙන් අලාභ හානි රැසක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ. දහස් ගණනක පිරිස් මේ වනවිට ආරක්ෂිත ස්ථාන කරා ගෙන ගොස් තිබෙනවා. තාප්පයක් කඩා වැටීම හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සුළි කුණාටුවත් සමඟ ඇති වූ ගංවතුර හේතුවෙන් මාර් රැසක් යටවී ඇති අතර නිවාස මතට ගස් කඩා වැටීම හේතුවෙන් රැසකට ද හානි වී ඇති බවයි වාර්තා වන්නේ.
The post නිවාර් සුළි කුණාටුව හේතුවෙන් දකුණු ඉන්දියාවට දැඩි බලපෑම් appeared first on ITN News.
Post a Comment