උතුර නැගෙනහිර සහ උතුරු මැද පළාත් වල ජනතාව ඉදිරි නිවේදන පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ධීවර සහ නාවුක කටයුතු ද තවදුරටත් අවදානම් බවයි එම දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.
නිවාර් චණ්ඩ සුළි කුණාටුව ඊයේ රාත්‍රියේ කන්කසන්තුරේ වෙරළට කිලෝමීටර් 225 ක් ඊසාන දෙස සිට වයඹ දෙසට ගමන් කරමින් පවතිනවා. මෙහි බලපෑම හේතුවෙන් උතුරු නැගෙනහිර උතුරු මැද ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සමඟ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් උතුර සහ උතුරු මැද පළාත්වලට ප්‍රහාරාත්මක තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. සුළගේ වේගය ක්ෂණිකව ඉහළ යා හැකි බැවින් මුහුද ද ඉතා රළු විය හැකි බව කාලගුණ අංශ සඳහන් කරනවා.
The post උතුර නැගෙනහිර සහ උතුරු මැද පළාත් වල ජනතාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් appeared first on ITN News.
Post a Comment