හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ මාධ්‍ය ඉවත්කර රහස්‍ය ප්‍රකාශයක් ලබාදුන්නා.
පූජිත් ජයසුන්දර මහතා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේ ඊයේ (26) පස්වරුවේයි. මෙම ප්‍රහාරයෙන් පසු එය වළක්වා ගැනීමට තමන් අසමත් වූ බව ප්‍රකාශ කරමින් අත්තනෝමතික ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු බව ඔහු ප්‍රකාශ කළා. ඉතා සංවේදී වෙමින් ඔහු කොමිසම හමුවේ කියාසිටියේ තම එකම පුතනුවන්ගේ විවාහ උත්සවයට පවා සහභාගිවීමට අවස්ථාව ලබාදුන්නේ නැති බවයි. පූජිත් ජයසුන්දර මහතාට වීඩියෝ දර්ශන කිහිපයක් පෙන්වමින් ජනාධිපති කොමිසමේ සභාපතිවරයා ප්‍රශ්න කළේ ‘‘මේ දර්ශන අනුව ඔබ හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සුහදත්වයක් තිබුණු බව පැහැදිලියි නේදැයි’’ යනුවෙනුයි.
ඊට පිළිතුරු දුන් පූජිත් ජයසුන්දර මහතා බාහිරින් බලන අයෙකුට එසේ පෙනුන ද අභ්‍යන්තර තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් බවයි. කොමිසමේ දී මතු කළ තවත් කරුණක් සම්බන්ධයෙන් පිළිතුරු දුන් පූජිත් ජයසුන්දර මහතා කියාසිටියේ පාස්කු දින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ මලල්ගොඩ කමිටු වාර්තාව ප්‍රසිද්ධ කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ ද එවැනි කිසිවක් සිදුවූයේ නැති බවයි. තොරතුරු දැනගැනීමේ පනත යටතේ තමන් එම වාර්තාව ඉල්ලා සිටියද එය ලැබුණේ නැති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
සාක්ෂිදීම අවසානයේ පූජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ තමන්ට විශේෂ කරුණක් අනාවරණය කිරීමට අවසර ලබාදෙන ලෙසයි. තමන් දන්නා හා පසුව සොයාගත් එහෙත් මේ වනතෙක් හෙළි නොකළ කරුණු තමන් සතු බවයි ඔහු පැවසුවේ.
ඒ අනුව මාධ්‍යවේදීන් එම ස්ථානයෙන් ඉවත් කිරීමෙන් පසු ප්‍රකාශයක් ලබාදීමට පූජිත් ජයසුන්දර මහතාට ඉඩ සළසා දුන්නා. ඔහු විනාඩි 40 ක පමණ කාලයක් මෙසේ මාධ්‍ය නොමැතිව ප්‍රකාශය ලබාදුන්නා.
The post මාධ්‍යයට වසන්වී පූජිත් කොමිසමට මොනවා කිව්වාද? appeared first on ITN News.
Post a Comment