කොරෝනා අභියෝගය හේතුවක් කර ගනිමින් පාසල් වසා තැබීම පහසු වුව ද එසේ නොකර දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් පාසල් විවෘත කිරීමේ අභියෝගය භාරගත් බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා.
අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා මේ බව සදහන් කළේ කෝවිඩ් අභියෝගය මධ්‍යයේ පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් උපරිම ලකුණු ලබා ගත් සිසුන් දස දෙනා ඇගයීමේ උත්සවයේදීයි. අධ්‍යාපන අමාත්‍යාංශයේදී එම උත්සවය පැවැත්වුණා. තවත් මැතිඇමතිවරුන් කිහිප දෙනෙකු ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා කියා සිටියේ අධ්‍යාපන ක්ෂේත්රයේ නවීකරණයන් සිදු කිරීමට අපේක්ෂා කරන බවයි.
The post දරුවාත් අධ්‍යාපනයත් රකින අභියෝගය අපි භාරගත්තා – ඇමති GL පීරිස් appeared first on ITN News.
Post a Comment