ලොව පුරා රටවල් දෙසීය දහ අටකින් ඊයේ දිනයේ දී කොරෝනා වයිරස ආසාදිතයින් පන් ලක්ෂ තිස් හතර දහස් තිස් පස් දෙනෙකු හමුවී තිබෙනවා.
ඒ සමගම සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව අට කෝටි හැට එක් ලක්ෂය ඉක්මවා ගියා. ඊයේ දිනයට කොරෝනා මරණ නවදහස් විසි තුනක් සිදුව ඇති අතර මේ වනවිට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දහ අට ලක්ෂ හැට දහස් හාරසිය විසි හතක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන්නේ. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන ඇමරිකාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දෙකෝටි දහතුන් ලක්ෂ පනස් දහස ඉක්මවා ඇති අතර ඉන්දියාවෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව එක් කෝටි තුන් ලක්ෂ පනස් හත් දහස් හයසිය හැට නවයක්. මේ අතර බ්‍රිතාන්‍යයයෙන් වාර්තා වන කොරෝනා වයිරස නව ප්‍ර භේදය ආසාදිතයින් හේතුවෙන් එරට ආසාදිත සංඛ්‍යා ශීඝ්‍රෙයන් ඉහළ යන බවක් පෙන්නුම් කරනවා.
The post ඊයේ දිනයේ ලොව පුරා රටවල් වලින් කොරෝනා ආසාදිතයින් 534035 ක් හමු වෙයි appeared first on ITN News.
Post a Comment