සතොස ආයතනය මඟින් අලෙවි කරන මුහුණු ආවරණ වලින් ලැබෙන ආදායමෙන් කොටසක් මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලට බැර කරන බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.
ඒ සතොස ආයතනයේ නව සභාපතිවරයා ලෙස රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා රාජකාරි අරඹමින් සතොස මූලස්ථානයේ පැවති උත්සව අවස්ථාවට එක්වෙමින්.
දේශීයව නිෂ්පාදිත උසස් තත්වයේ මුහුණු ආවරණ සතොස මඟින් රුපියල් 15 ක මුදලකට මිළදී ගත හැකි බවයි අමාත්‍යවරයා එහිදී සදහන්කළේ.
ඒ අනුව සෑම මුහුණු ආවරණයකින්ම රුපියලක මුදලක් ශිෂ්‍යත්ව භාරකාර අරමුදලට බැරවනවා.
The post දේශීය මුහුණ ආවරණ සතොසෙන් අඩු මිලට – රුපියලක් මහපොළ ශිෂ්‍යත්වය අරමුදලට appeared first on ITN News.
Post a Comment