කොරෝනා වයිරසය ආරම්භ වූ, වූහාන් නගරයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ පැමිණියා.
වයිරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමටයි ඔවුන් එහි පැමිණියේ. ජනවාරි මාසය පුරාම ජාත්‍යන්තර කණ්ඩායම චීනය තුළ රැදී සිටීමට නියමිතයි. කොරෝනා වයිරසය වූහාන් හි මත්ස්‍ය වෙළදපොළකින් කොරෝනා වයිරසය ආරම්භ වූ බවට මතයක් පැතිර තිබෙනවා. මේ පිළිබද වඩාත් ගැඹුරින් අධ්‍යයනය කිරීමටයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් කණ්ඩායමක් වූහාන් නරගයට පැමිණ ඇත්තේ. මෙම කණ්ඩායමට විශේෂඥයන් 15 දෙනෙකු පමණ ඇතුලත් වනවා. එහිදී මිනිසුන්ගෙන් සහ සතුන්ගෙන් සාම්පල ලබා ගැනීමට ද නියමිතයි.
The post වූහාන් නගරයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් කණ්ඩායමක් appeared first on ITN News.
Post a Comment