ඉරානයේ හමුදා නායකයෙකු වූ ජෙනරාල් කසෙම් සොලෙයිමානිගේ ඝාතනය සම්බන්ධයෙන් ඉදිරියේදීත් පළිගැනීමට කටයුතු කරන බව එරට ජනතාව පවසනවා.
ජෙනරාල් කසෙම් සොලෙයිමානි ඝාතනයට ලක්ව ඊයේ දිනට වසරක් සම්පූර්ණ වුණා. ඉරාන ජනතාව ටෙහෙරානයේ වීදීවලට රැස්ව කියා සිටියේ ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් පළිගැනීම් සිදු කරන බවයි. ජෙනරාල්වරයාගේ ඝාතනය සමග ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර දැඩි ආතතිකාරී තත්ත්වයක් ඇති වුණා. පසුගිය වසරේ ජනවාරි අටවනදා ඉරානය, ඉරාකයේ පිහිටි ඇමරිකා කදවුරු ඉලක්ක කර ගනිමින් මිසයිල ප්රහාර එල්ල කිරීමට ද කටයුතු කළා.
The post ජෙනරාල් කසෙම්ගේ ඝාතනයට පළි ගන්නා බව ඉරාන ජනතාව කියයි appeared first on ITN News.
Post a Comment