බරපතල වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියමවී සිටි පූජ්‍ය ඌවතැන්නේ සුමන ස්වාමීන්වහන්සේට ජනාධිපති සමාව ලබා දී ඇති බව වාර්තා වනවා.
මහාධිකරණය පසුගිය වසරේදී උන්වහන්සේට දඩුවම් නියම කළේ නීති විරෝධී ලෙස ටී 56 ගිනිඅවි හා උණ්ඩ ළඟ තබා ගැනීමේ චෝදනා යටතේයි.
2010 ජනවාරි 20 වනදා පොලිස් විශේෂ කාර්ය බලකාය මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාමයේ කළ වැටලීමකදී ටී 56 ගිනිඅවි 2 ක් හා උණ්ඩ 210 ක් සොයා ගැනුණා. ඒ සම්බන්ධයෙන් මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරාධිපති පූජ්‍ය ඌවතැන්නේ සුමන ස්වාමීන්වහන්සේ ඇතුලු විත්තිකරුවන් 5 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළා. මීට ප්‍රමාණවත් සාක්‍ෂි නොමැතිවීම හේතුවෙන් සෙසු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කෙරුණු අතර පූජ්‍ය ඌවතැන්නේ සුමන ස්වාමීන්වහන්සේට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බැවින් බරපතල වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කිරීමටයි මහාධිකරණය නියෝග කළේ. කෙසේ වෙතත් ඌවතැන්නේ සුමන ස්වාමීන්වහන්සේට ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබූ අතර මේ වන විට සමාව ලබා ඇති බවයි වාර්තා වන්නේ.
The post ජීවිතාන්තයටම හිරේ ගිය ඌව තැන්නේ සුමන හිමිට ජනාධිපති සමාව appeared first on ITN News.
Post a Comment