ඇමෙරිකා සෙනෙට් සභාවේ බලයේ හිමිකරු තෝරාගන්නා තීරණාත්මක ඡන්ද විමසීම අද (05) පැවැත්වෙනවා.
ජෝර්ජයා ප්‍රාන්තයේ සෙනෙට් සභිකයින් දෙදෙනෙකු තෝරාගැනීමට මෙම ඡන්ද විමසීම පැවැත්වෙන අතර එය ජයග්‍රහණය කරනු ලබන පක්ෂයට සෙනෙට් සභාවේ බහුතර බලය හිමිවනවා.දැනට රිපබ්ලිකන් පක්ෂයට ආසන 52 ක් හා ඩිමොක්‍රටික් පක්ෂයට ආසන 48 ක් ලෙසයි බලය බෙදී තිබෙන්නේ.
ජෝර්ජියා ප්‍රාන්තයේ ආසන දෙකම තේරීපත් වූ ජනාධිපති ජෝ බයිඩ්න්ගේ ඩිමක්‍රටික් පක්ෂය ජයග්‍රහණය කළහොත් පක්ෂ දෙකටම ආසන 50 බැගින් හිමිවනු ඇති. එහිදී සෙනෙට් සභාවේ බලය තීරණය කරන තීරණාත්මක ඡන්දය භාවිතා කිරීමට තේරීපත් වූ උප ජනාධිපති කමලා හැරිස්ට අවස්ථාව හිමිවනවා. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ජෝ බයිඩ්න් ජෝර්ජියා ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වන බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.
The post ඇමෙරිකා සෙනෙට් සභාවේ බලය කාටද? තීරණාත්මක ඡන්ද විමසීම අද appeared first on ITN News.
Post a Comment