විවිධ පාරිසරික බලපෑම්වලින් පීඩා විදින ජනකොටස් අපේ සමාජයේ තවමත් ඉන්නවා. එවැනි පිරිසක් පිළිබද දඹුල්ල සුමංගල ප්රදේශයෙන් අපට වාර්තා වුණා.
දඹුල්ල සුමංගලපුර 04 වන පටුමගේ ජීවත්වන පවුල් කිහිපයක් වසර ගණනාවක සිට උල් දිය හේතුවෙන් පීඩා විදිනවා.
වර්ෂා කාලය ඇරඹීමත් සමග නිවෙස් තුළ මෙන්ම අවට පරිසරය ද දැඩි තෙතමනයක් ඇති වන බවයි මෙම ජනතාව පවසන්නේ.
මේ හේතුවෙන් කටුමැටි නිවාසවල බිත්ති කඩාවැටීම මෙන්ම අනෙකුත් නිවාසවලට ද විවිධ බලපෑම් එල්ල වනවා.
පාදවල තුවාල හට ගැනීම් ඇතුළු විවිධ රෝගවලට ගොදුරුවීමට තමන් සිදුව ඇති බව පෙන්වා දෙන මෙම ජනතාව තමන් මුහුණදී සිටින ගැටලුවලට ඊට විසදුම් ලබා දෙන ලෙසයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.
The post උල් දියෙන් පීඩිත සුමංගලපුර ජනතාව (VIDEO) appeared first on ITN News.
Post a Comment