ඊයේ සිදු වූ රිය අනතුරු 04 කින් පුද්ගලයින් 05 දෙනෙකු මිය ගොස් තිබෙනවා. තවත් කිහිප දෙනෙකුම තුවාල ලබා ඇති බවයි පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ.
ඊයේ සිදු වූ රියඅනතුරුවලින් දෙදෙනෙකුම මිය ගොස් ඇත්තේ අනුරාධපුර පරසන්ගස්වැව ප්‍රදේශයේදීයී. පෞද්ගලික බස් රථයක් යතුරුපැදියක් සමඟ මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදු වුණා. මිය ගොස් ඇත්තේ යතුරුපැදිකරුවන් දෙදෙනායි. ඔවුන් රුඹෑව සදමල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පොලිස් මුරපොල ආසන්නයේදීද සිදු වූ රිය අනතුරකින් එක් අයකු මියගොස් තිබෙනවා. සිමෙන්ති රැගෙන යන ලොරි රථයක පිටුපස කැබි රථයක් ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. මිය ගොස් ඇත්තේ සමන්තුරේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ කැබ් රථයේ රියදුරුයි.
මංගලගම ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් ද එක් අයකු මිය ගියා. ඔහු මහියංගනය ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි අයෙක්. බස් රථයක් යතුරුපැදියක ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. මිය ගොස් ඇත්තේ යතුරුපැදිකරුයි.
ගොකරැල්ල ප්‍රදේශයේදීද ඊයේ මාරක රිය අනතුරක් සිදු වුණා. ඒ ලොරි රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන්. මිය ගිය යතුරුපැදිකරු ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙක්.
The post රිය අනතුරු 04කින් පුද්ගලයින් 05 දෙනෙකු මියයයි appeared first on ITN News.
Post a Comment