Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රම්සා අභය භූමියේ කඩොලාන ගැලවීම සමබන්ධයෙන් සැක පිට 3 දෙනෙකු අත්අඩංගුවට  

Add comments

ආනවිලුන්දාව රම්සා අභය භූමියේ රෝපණය කළ කඩොලාන පැළ දහසකට ආසන්න ප්‍රමාණයක් ගලවා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ආරච්චිකට්ටුව පොලිසිය මගින් අද අලුයමයි.

ලෝක තෙත් බිම් සැමරුම් දිනය වෙනුවෙන් පැවති ජාතික උත්සවයේදියි ආනවිලුන්දාව රම්සා අභයභූමිය තුළ පැළ රෝපණය කළේ.  පසුගිය දෙවනදා පැවති මෙම උත්සවයේදී පැළ සිටුවීමේ අවස්ථාවට විමලවීර දිසානායක / සනත් නිශාන්ත යන රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.ජාත්‍යන්තර වැදගත්කමක් ඇති තෙත් බිමක් ලෙස දෙදහස් එක වසරේදී ප්‍රකාශයට පත්කර ඇති අනවිලුන්දාව තෙත්බිම් භූමිය හෙක්ටාර 1397 කින් සමන්විතයි. ඊට වැව් 5ක් ද අයත්. රාජ්‍ය ඇමතිවරුන් නිලධාරීන් සහ පාසල් දරුවන්ද ලෝක තෙත් බිම් දින ජාතික උත්සවයේදී මෙහි පැළ සිටුවීමට එක්වුණා. එදින එක්සත් ජාතික පක්ෂ හලාවත ආසන සංවිධායකවරයා ඇතුළු පිරිසක් ඊට එරෙහිව විරෝධතාවක නිරතවුණා. ඒ මෙම භූමිය තුළ පදිංචිවීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලමින්. විරෝධතාව මධ්‍යයයේ එදින සිටුවා ඇති පැල දහසකට ආසන්න ගලවා ඇති බවට අභය භූමියේ භාරකරු පැමිණිල්ලක් කර තිබුණේ ඊයේ දිනයේදීයි.  ඒ අනුව අද අලුයමයි සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

 

The post රම්සා අභය භූමියේ කඩොලාන ගැලවීම සමබන්ධයෙන් සැක පිට 3 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG