මෝදි රජයේ නව ගොවි පනත්වලට එරෙහිව ඉන්දීය ගොවීන් ට්‍රැක්ටර් හතලිස් ලක්ෂයකින් නවදිල්ලි පාර්ලිමේන්තුව වැටලීමට සූදානම් වන බව වාර්තා වනවා.
නව ගොවි පනත් හකුලා ගැනීමට රජය සූදානම් නොමැති නම් ඕනෑම මොහොතක දිල්ලි රථ චාරිකාවට සූදානම් බවයි රාජස්ථාන් ප්‍රාන්තයේ ගොවි සමුළුවක් අමතමින් ගොවි සංගම් නායකයකු පවසන්නේ. පසුගිය ජනවාරි මස 26 වන දින ගොවීන් නව දිල්ලියේ සිදු කළ විරෝධතාව අපකීර්තියට පත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවට ගොවි සංගම් චෝදනා කරනවා.
මේ අතර ඉන්දීය ගොවීන්ට සහාය පළ කරමින් ක්‍රියා කළ ස්වීඩන් ජාතික ක්‍රියාකාරිනියක් වන ග්‍රේටා තන්බර්ග් පල කළ ට්විටර් සටහන ප්‍රචාරණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යොවුන් පරිසර ක්‍රියාකාරිනියක වූ 22 හැවිරිදි දීෂා රවී හට ඊයේ දිල්ලි අධිකරණයෙන් ඇප ලබා දී තිබුණා. ඇය අත්අඩංගුවට ගෙන තිබුණේ ගොවි පනත්වලට එරෙහිව විරෝධතාවන්ට සහාය දක්වන ක්‍රියාකාරීන් මර්දනය කිරීමේ පියවරක් ලෙස බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.
The post ගොවි පනතට එරෙහිව ටැක්ටර් හතලිස් ලක්ෂයකින් පාර්ලිමේන්තුව වටලන්න ඉන්දීය ගොවියන්ගේ සූදානමක් appeared first on ITN News.
Post a Comment