වෙන්නප්පුව ධීවර වරායේ ඉදිකිරීම් අවසන් අදියරේ පවතිනවා.
රුපියල් ලක්ෂ 2357ක වියදමෙනුයි වෙන්නප්පුව ධීවර වරාය ඉදිකෙරෙන්නේ. අක්කර විසිතුනක භූමි ප්‍ර දේශයක ඉදිවන මෙම ධීවර වරායෙහි එකවර බහුදින යාත්‍රා දෙසිය හැත්තෑවකට ආසන්න සංඛ්‍යාවක් රදවා ගත හැකි තටාකාංගනයකින් සමන්විතයි. ප්‍රවිෂ්ඨ මාර්ගය ද කාපට් අතුරා සංවර්ධනය කෙරෙනවා. පරිපාලන ගොඩනැගිල්ලක්, දැල් සැකසීමේ ස්ථානයක් ප්‍රධාන මත්ස්‍ය වෙළෙදකුටියක් සහ නිල නිවාස ඇතුළු අංග සම්පූර්ණ පහසුකම් රැසකින් සමන්විතවයි වෙන්නප්පුව ධීවර වරාය ඉදි කෙරෙන්නේ. මෙහි වැඩකටයුතු ලබන අප්‍රේල් මාසය වන විට අවසන් කිරීමට නියමිතයි.
The post වෙන්නප්පුව ධීවර වරායේ ඉදිකිරීම් අවසන් අදියරට appeared first on ITN News.
Post a Comment