මෙක්සිකෝ නගරයේ මෙට්‍රෝ අධිවේගී මාර්ගයක් කඩා වැටී ඇති අතර දුම්රියක් ඒ හරහා ගමන් කරමින් සිටියදී ළමුන් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
මෙට්‍රෝ අධිවේගී මාර්ගයක පාලමක් කැඩීයාමෙන් දුම්රිය මැදිරි දෙකක් කාර්යබහුල මාර්ගයකට ඉහළින් එල්ලී තිබෙන අයුරු දැක්වෙන අාකාරය දක්නට ලැබුණු අතර අවම වශයෙන් පුද්ගලයින් 65 දෙනෙකු තුවාල ලබා ඇති අතර හත් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.
ලෝකයේ කාර්යබහුලම නගරවලින් එකක් මෙක්සිකෝ නගරයේ මෙට්‍රෝ පද්ධතියේ දශක ගණනාවක සිදු වූ මාරාන්තික සිදුවීම මෙයයි.
දේශීය මාධ්‍ය විකාශනය කරන ලද සීසීටීවී දර්ශන මගින් අධිවේගී මාර්ගය කඩා වැටෙන ආකාරය පෙන්නුම් කරයි.
The post මෙක්සිකෝවේ කඩා වැටුණු ගුවන් පාලම 23 කට මරු කැදවයි appeared first on ITN News.
Post a Comment