ඊයේ (08) දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,672 ක් වාර්තා වුණා.
ඊයේ (08)දිනයේ දී අලුතින් හදුනාගත් ආසාදිතයින් 2,672දෙනා අතුරින් 13 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි අයයි.
ඉතිරි 2,659 දෙනා මෙරටින් හදුනාගෙන තිබෙනවා.
ඊයේ දිනයේ ද වැඩිම ආසාදිතයින් පිරිසක් හමුවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම පිරිස 755 වනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන්323 දෙනෙකු ද කළුතරින් 234දෙනෙකු ද වාර්තා වනවා.
මේ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 125,906 දෙනෙකු වනවා. මේ අතුරින් 104,463 නෙකු සුවය ලැබුවා. 20,642 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා.



The post ඊයේ දිනයේ ආසාදිතයින් හමුවු ප්‍රදේශ – කොළඹින් 755ක් appeared first on ITN News.
Post a Comment