රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ඉන්දියාවේ කේරල ප්‍රාන්තය සමග පැවැත්වූ සම්බන්ධතා පිළිබද ඉන්දීය ආරක්ෂක අංශ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළා.
රිෂාඩ් බදියුදීන් මහතා පසුගිය 24 වනදා පාස්කු ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වුණා. ඒ අනුව හිටපු අමාත්‍යවරයා සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් දින 90 ක රැදවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රදවාගෙන ප්‍රශ්න කිරීම් සිදුවනවා.
මෙවන් පසුබිමක් මත ඉන්දියාවේ නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තාකර තිබුණේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා කේරලය සමග පැවැත්වූ සම්බන්ධතා පිළිබදව කේරල පොලීසිය සහ බුද්ධි කාර්යාංශය විමර්ශනයක් ආරම්භකර ඇති බවයි. හිටපු අමාත්‍යවරයා කේරලය සමග පැවති සම්බන්ධතා මෙතෙක් නිෂ්චිතව හදුනාගෙන නොමැති වුවද 2009 වසරේ ඔහු ඉන්දියාවේ කසරගෝට් නගරයට සිදුකළ සංචාරයක් සම්බන්ධයෙන් සහ එහිදී ආගමික නායකයින් කිහිපදෙනෙක් සමග පැවති සබදතා පිළිබද විමර්ශන නිලධාරීන්ගේ අවදානය යොමුව ඇති බව ඉන්දීය පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරනවා.
බුද්ධි අංශ නිලධාරීන්ට අනුව රිෂාඩ් බදියුදීන් මහතාගේ පියා කසරගෝට් හි පඩ්නා නම් ප්‍ර දේශයේ උපත ලබා ඇති අතර ඒ හේතුවෙන් හිටපු අමාත්‍යවරයාට එම ප්‍රදේශයේ පුද්ගලයින් කිහිප දෙනෙකු සමග සබදතා තිබී ඇති බව එම පුවත් සේවය පවසනවා. කේරල ප්‍රාන්ත පොලිස් ප්‍රධානී ලෝකාන්ත් බෙහෙරා පුවත් සේවයට ප්‍රකාශකර ඇත්තේ අත්අඩංගුවට පත්ව ඇති ශ්‍රී ලාංකික දේශපාලන නායකයා සම්බන්ධයෙන් පවතින වාර්තා තහවුරුකර ගැනීම සදහා පරීක්ෂණ පවත්වන බවයි.
ඉන්දීය බුද්ධි නිලධාරීන්ට අනුව පඩ්නා ප්‍රදේශයෙන් අතුරුදන් වූ තරුණ මුස්ලිම් පවුල් 5 ක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී ඔවුන් 2016 වසරේ දී අයිඑස් අයිඑස් සංවිධානයට සම්බන්ධවීම සදහා සිරියාවට යාමට පෙර ඒ අතරින් කිහිප දෙනෙක් ශ්‍රී ලංකාවේ තව්හිද් ජමාත් සංවිධානය සමග ආගමික පුහුණුවීම්වල නිරතවී ඇති බව අනාවරණය වී ඇතැයි නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවයේ වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා.
මේ අතර රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් දවටගහ පල්ලිය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වුණා. රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වය දරණ සමස්ත ලංකා මහජන කොංග්‍රසය විසින් මෙය සංවිධානකර තිබුණා.
මේ අතර 2018 වසරේ සිදුකරපු පිපිරවීම් අත්හදා බැලීමකට සහරාන් හෂීම්ගේ සහෝදරයට පුපුරණ ද්‍රව්‍ය ලබාදීල තියෙන්නේ මේ වෙනකොට අත්අඩංගුවේ ඉන්න රාසික් රාසා නමැත්තා බවට හෙළිව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
The post රිෂාඩ් බදියුදීන්ගේ කේරළ සබඳතා ගැන ඉන්දීය බුද්ධි අංශවලින් අනාවරණයක් appeared first on ITN News.
Post a Comment