රට තුළ කොවිඩ් 19 වසංගතය ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බැවින් එය මැඩ පැවැත්වීම උදෙසා නාවික හමුදාව පැය 24 පුරා ක්‍රියාත්මක වන පරිදි මුර සංචාර වැඩි කරමින් වයඹදිග සහ උතුරු මුහුදේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, වයඹදිග සහ උතුරු මුහුදේ ආරක්ෂාව තර කිරීම සඳහා වෙරළබඩ සහ ගැඹුරු මුහුදේ නාවික හමුදා යාත්‍රා සහ නෞකා මුර සංචාර වැඩි කිරීමට පියවර ගෙන ඇති අතර, මෙහිදී අන්තර්ජාතික මුහුදු සීමාව ආසන්නයේ නාවික හමුදා වේග මුර යාත්‍රා සහ වේග ප්‍රහාරක මුර යාත්‍රා මුර සංචාරයේ යෙදවීමටත්, ගොඩබිමට ආසන්න මුහුදේ ආරක්ෂාව තර කිරීමට වෙරළබඩ නිරීක්ෂණ මුර යාත්‍රා මුර සංචාරයේ යෙදවීමටත් කටයුතු කරන ලදී.
තවද, මෙම විශේෂ මෙහෙයුම් සඳහා නැගෙනහිර නාවික විධානය මඟින් නෞකා සහ යාත්‍රා උතුරු නාවික විධානය වෙත අනුයුක්ත කර ඇති අතර, බටහිර නාවික විධානය මඟින් හලාවත සිට මන්නාරම දක්වා මුහුදු තීරයේ මුර සංචාර සඳහා යොදවනු ලබන නෞකා සහ මුර යාත්‍රා ප්‍රමාණයද මේ වන විට වැඩි කිරීමට කටයුතු කර තිබේ.
මීට අමතරව වෙරළ තීරයේ ආරක්ෂාව තර කිරීම සඳහා නාවික හමුදා පාමුර සංචාර මෙන්ම තෝරා ගත් ස්ථානයන්හි නාවික හමුදා වෙරළ නිරීක්ෂණ ස්ථාන ස්ථාපිත කිරීමටත් කටයුතු කර ඇත. එමෙන්ම නීති විරෝධී සංක්‍රමණිකයින් පැමිණිම සම්බන්ධයෙන් කිසියම් සැක සහිත ක්‍රියාකාරකමක් නිරීක්ෂණය වුවහොත් වහාම අදාළ බලධාරීන් වෙත දැනුම් දෙන ලෙසත් විදේශීය පුද්ගලයින් සමඟ මුහුදේදී සම්බන්ධයන් පැවැත්වීමෙන් වළකින ලෙසත් ප්‍රදේශයේ ධීවර ප්‍රජාව දැනුවත් කිරීමට ද නාවික හමුදාව පියවර ගෙන ඇත.
සියලු ධීවර ප්‍රජාවගෙන්මේ අවස්ථාවේ නාවික හමුදාව ඉල්ලා සිටිනුයේ විදේශීය ධීවර යාත්‍රා හෝ නෞකා සමඟ මුහුදේදී සබඳතා නොපවත්වන ලෙසත් එලෙස සබඳතා පවත්වන ජාවාරම් කරුවන් පිළිබඳ තොරතුරු දන්නේ නම් නාවික හමුදාව වෙත ලබා දෙන ලෙසත්ය.
The post නීති විරෝධී සංක්‍රමණ මැඩපැවැත්වීමට සාගර දේශ සීමාවේ ආරක්ෂාව තර කරයි appeared first on ITN News.
Post a Comment