රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රීධුරය අහිමිවීමෙන් පුරප්පාඩුවූ පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප්) සාමාජිකත්වයට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත්කර ඇත.
පසුගිය 30 වෙනිදා රැස්වූ තේරීම් කාරක සභාව මෙම පත්වීම කළ බව ද කතානායකවරයා ප්‍රකාශ කළේය .
කතානායකවරයා මෙම දැනුම්දීම කළේ අද (04) සභාවේ කටයුතු ආරම්භයේ දී නිවේදන ඉදිරිපත් කරමිනි.
The post හර්ෂ ද සිල්වා පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට appeared first on ITN News.
Post a Comment