ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්ණ කරමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා පැමිණීමට අවසර නොදෙන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් ඉල්ලා සිටියා.
අද දිනයේත් රිෂාඩ් බදියුදීන් මහතා පාර්ලිමේන්තුවට රැගෙන නොඒම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනුයි සරත් වීරසේකර මහතා මේ බව සඳහන් කළේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට පත්වූ මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තු රැස්වීම් සඳහා කැඳවන්නේනම් එය අදාල විමර්ශණ කටයුතුවලට අවදානම් තත්වයක් වනු ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
පාර්ලිමේන්තු රැස්වීම් සඳහා පැමිණීමට රිෂාඩ් බදියුදීන් මහතාට අවසර නොදිය යුතු බවට මහජන ආරක්ෂක අමාත්‍යවරයා කළ ප්‍රකාශයෙන් පසු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන මුජුබර් රහුමාන්, ලක්ෂ්මන් කිරිඇල්ල, සරත් ෆොන්සේකා සහ එස් එම් මරික්කාර් යන මන්ත්‍රීවරුන් සභා ගර්භයේ අදහස් දැක්වුවා.
The post රිශාඩ්ට පාර්ලිමේන්තු පැමිණීමට නොදෙන්නැයි මහජන ආරක්ෂක ඇමති කතානායකගෙන් ඉල්ලයි appeared first on ITN News.
Post a Comment