ඊයේ (02) දිනයේ දී මෙරටින් කොරෝනා ආසාදිතයින් 1891 දෙනෙකු හදුනාගැනුණා. ඉන් පුද්ගලයින් 48 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි අයයි.
ඉතිරි 1843 දෙනා දේශීයව හදුනාගත් පුද්ගලයින් බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.
එය මේ දක්වා මෙරටින් වාර්තා වු වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන ද වේ.
ඊයේ දිනයේ ද ආසාදිතයන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 387 ක්. ගම්පහෙන් ආසාධිතයින් 297 ක් හා කළුතරින් ආසාධිතයින් 330 ක් හදුනාගැණුනා.
The post ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ – වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් appeared first on ITN News.
Post a Comment