ඊයේ දිනයේ හදුනා ගත් කොරෝනා ආසාදිතයින් 1,883 අතුරින් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හදුනාගත් අතර එම සංඛ්‍යාව 342 ක්. කළුතරින් 247 ක් කොළඹින් 220 ක් මඩකලපුවෙන් 117 ක් නුවරඑළියෙන් 104 ක් සහ ගාල්ලෙන් 85 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.
ඒ අනුව මෙරටින් හදුනාගෙන ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ හැටදහස් නවසිය හැත්තෑ දෙකක්. 30,055 දෙනෙකු රෝහල්වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා. සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 227,840 ක්.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ කොරෝනා මරණ 43 ක් ඊයේ දිනයේ වාර්තා කළා. වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින් 37 දෙනෙකු සහ අවුරුදු 30 ත් 59 ත් අතර පුද්ගලයින් 37 දෙනෙකු ඒ අතර වනවා.
The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,883ක් – වැඩිම පිරිස ගම්පහ දිස්ත්‍රික්කයෙන් appeared first on ITN News.
Post a Comment