කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් රෝගීන්ට ප්‍රතිකාර සදහා අවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනැමුණා.
මුස්ලිම් ආධාර ශ්‍රී ලංකා ආයතනයයි මෙම පරිත්‍යාගය සිදුකළේ.
වැඩිහිටියන් සහ ළමයින් සදහා භාවිත කළ හැකි වෙන්ටිලේටර් ඇතුලු රුපියල් මිලියන 30 කට වැඩි වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ තොගයක් ඊට ඇතුළත්.
අමෙරිකා එක්සත් ජනපදයේ ඇමරිකෙයාස් සහ එක්සත් රාජධානියේ මුස්ලිම් ආධාර මූලස්ථානයේ සහයෝගීතාවයෙන් මෙම පරිත්‍යාග සිදු කර තිබෙනවා. මුස්ලිම් ආධාර ශ්‍රී ලංකා වැඩසටහන මෙරට ආරම්භ කෙරුණේ 2005 වසරේදීයි.
The post මුස්ලිම් ආධාර ශ්‍රී ලංකා ආයතනයෙන් රු. මිලියන 30ක වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් appeared first on ITN News.
Post a Comment