කොළොන්නාව නගර සභාව පවතින්නේ එක්සත් ජාතික පක්ෂ පාලනය යටතේයි.
ඔවුන්ට එරෙහිව එල්ල වෙලා තිබූ විශ්වාසභංගය ජයග්‍රහණය කරන්න විපක්ෂ කණ්ඩායම වන පොදුජන පෙරමුණට අද හැකි වුණා.
කොළොන්නාව නගර සභාවේ පාලක පක්ෂයක් වසර 64 කට පස්සේ ලබපු දැවැන්ත පරාජය මෙයයි.
කොළොන්නාව නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් සිදු කළ මහා පරිමාණ සොරකමක් සම්බන්ධයෙන් මීට පෙර ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ සදහා නගර සභාවේ පාලක පක්ෂයේ වර්තමාන සභාපතිවරයා වගකීම භාර ගත යුතු බවට චෝදනා කරමිනුයි පොදු ජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම විශ්වාසභංගය ඉදිරිපත් කළේ.
අද පස්වරුවේ එය නගරසභාවට ඉදිරිපත් කෙරුණු අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු දෙදෙනෙකු මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා ද ඊට සහාය ලබා දුන්නා.
එක්සත් ජාතික පක්ෂයේ පරාජය සහ පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් ඉදිරියේදී ගෙන යන වැඩපිළිවෙල පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් කොළොන්නාව පොදුජන පෙරමුණු ආසන සංවිධායක අජිත් සුබසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
The post වසර 64කට පසු කොළොන්නාව නගර සභාවේ පාලක පක්ෂයක් ලැබූ දැවැන්ත පරාජය appeared first on ITN News.
Post a Comment