Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මුදල් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගයේ තීන්දුව රහසිගතවම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කතානායකට  

Add comments

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මුදල් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීන්දුව කතානායකවරයාට යොමු කරන බව නිවේදනය කළා.

මුදල් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ දින දෙකක් පුරා විභාග කෙරුණා.

අද දිනයේ පෙත්සම් විභාගයට කැද වූ අවස්ථාවේ යෝජිත පනත් කෙටුම්පතට අදාළව සිදු කිරීමට යෝජිත සංශෝධන අන්තර්ගත ලේඛනය අධිකරණයට ඉදිරිපත් කෙරුනා. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිර්මලන් විග්නේෂ්වරන් මහතායි එම ලේඛනය ඉදිරිපත් කළේ. අනතුරුව කරුණු දැක් වූ රජයේ නීතිඥවරයා ප්‍රකාශ කළේ යෝජිත පනත් කෙටුම්පත සම්මතවීම තුළින් මුදල් විශුද්ධිකරණයට අවකාශ ලැබෙන බවට පෙත්සම්කාර පාර්ශ්වය මතු කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවයි.

මෙම පනත් කෙටුම්පත තුළින් එවැනි නීතිවිරෝධී ක්‍රියාවන්ට අවකාශ සැලසීමක් සිදු නොවන අතර බදු ගෙවීම් පැහැර හරින විශාල පිරිසක් බදු ජාලයට හසු කර ගැනීම සදහා මෙය ඉදිරිපත් කර ඇති බව පෙන්වා දුන්නා. මෙම පනත් කෙටුම්පත තුළින් පනත් ගණනාවක අන්තර්ගත වගන්ති අක්‍රියවීමක් සිදුව ඇති බව පෙත්සම්කාර පාර්ශ්ව චෝදනා කර තිබුණා. එය පිළිගත නොහැකි බව පෙන්වා දුන් රජයේ නීතිඥවරයා දේශීය ආදායම් පනත ඇතුළු පනත් දෙකකට පමණක් මෙම පනත් කෙටුම්පත තුළින් බලපෑම් එල්ල කරන බවයි සදහන් කළේ.

ඒ අනුව පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති සියල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවයි රජයේ නීතිඥවරයා ප්‍රකාශ කළේ.

කරුණු සළකා බැලීමෙන් අනතුරුව පෙත්සම පිළිබද ලිඛිත දේශනය ලබන සදුදා ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

 

The post මුදල් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගයේ තීන්දුව රහසිගතවම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කතානායකට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG