ඔලිම්පික් තරගාවලියට සහභාගී වීම සදහා තරගකරුවන් විශාල සංඛ්‍යාවක් ජපානයේ ටෝකියෝ නුවරට පැමිණෙමින් සිටින බව වාර්තා වනවා.
ඔස්ට්‍රේලියාව, ජර්මනිය, අයර්ලන්තය, ආජන්ටිනාව සහ ඝානාව නියෝජනය කරමින් තරගකරුවන් රැසක් ජපානයේ ටෝකියෝ නුවරට පැමිණ සිටිනවා. තවත් රටවල් රැසකින් තරගකරුවන් පැමිණෙමින් සිටින බවයි පැවසෙන්නේ.
ජපානයේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය ඉහළ යමින් පවතින අවදානම් අවස්ථාවක ඔලිම්පික් උළෙල පැවැත්වීම සම්බන්ධයෙන් බරපතල ගැටලු රැසක් ද පැන නැගී තිබෙනවා.
කෙසේ නමුත් ප්‍රේක්ෂකයින් අවම සංඛ්‍යාවකට තරගය නැරඹීමේ අවස්ථාව හිමිවනු ඇති බවයි පැවසෙන්නේ. ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය මේ මස 23 වනදා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
The post ඔලිම්පික් තරගාවලියට සහභාගී වීමට තරගකරුවන් විශාල සංඛ්‍යාවක් ටෝකියෝ නුවරට appeared first on ITN News.
Post a Comment