Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කැනඩාවේ බටහිර ප්‍රදේශයට බලපා ඇති ලැව් ගිනි තත්ත්වය දස ගුණයකින් ඉහළට  

Add comments

කැනඩාවේ බටහිර ප්‍රදේශයට බලපා ඇති අධික උෂ්ණ කාලගුණික තත්ත්වයත් සමග ඇතිවූ අකුණු ගැසීම් හේතුවෙන් එරට ලැව් ගිනි තත්ත්වය දස ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය බදාදා සහ බ්‍රහස්පතින්දා යන දින දෙක තුළ පමණක් අකුණු ගැසීම් ලක්ෂ 7කට වැඩි සංඛ්‍යාවක් සිදුව ඇති බවයි පැවසෙන්නේ. අකුණු ගැසීම් හේතුවෙන් කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා සහ බටහිර ඇල්බර්ටා නගර ආශ්‍රිත භූමි ප්‍රමාණයෙන් අක්කර දෙලක්ෂ පනස් දහසකට වැඩි භූමි ප්‍රමාණයක් මුළුමනින්ම විනාශ වී ගොස් තිබෙනවා.

ඉදිරි දින කිහිපය තුළ තත්ත්වය තවදුරටත් අවදානම් මට්ටමකට පත්වනු ඇති බවයි එරට කාලගුණික අංශ දැනුම් දී තිබෙන්නේ. එම ප්‍රදේශ ආශ්‍රිත පිරිස් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාමට කටයුතු කර තිබෙනවා.

මේ වන විට කැනඩාවේ බටහිර ප්‍රදේශවලින් වාර්තා වන උෂ්ණත්වය සෙල්සියස් අංශක 49.6ක්.

 

 

 

The post කැනඩාවේ බටහිර ප්‍රදේශයට බලපා ඇති ලැව් ගිනි තත්ත්වය දස ගුණයකින් ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG