කටුණායක සීදූව නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්රී නිලූකා ද සිල්වා මහත්මියට සමගි ජන බලවේගයේ නාගරික මන්ත්රීවරයෙකු වන සමීර ප්රනාන්දු මහතා පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන සිදුකරනවා.
ප්රහාරයට ලක්වූ බව කියන එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්රීවරිය මේ වනවිට මීගමුව රෝහලේ ප්රතිකාර ලබනවා. කටුණායක සීදූව නගර සභාවේ නව නගරාධිපතිවරයෙකු තෝරා ගැනීම සදහා පසුගියදා පැවති ඡන්ද විමසීමේ දී මෙම මන්ත්රීවරුන් දෙදෙනා අතර මතගැටුමක් සිදුව ඇති බවද වාර්තා වුණා.
එමෙන්ම නිලූකා ද සිල්වා මන්ත්රීවරිය විසින් සමීර ප්රනාන්දු මන්ත්රීවරයා පිළිබද පළකළ ෆේස්බුක් සටහනක් ද මෙම ගැටුමට හේතුවී ඇති බවටයි පොලීසිය සදහන් කළේ.
The post සීදුවේ රනිල්ගේ මන්ත්රිනියට සජිත්ගේ මන්ත්රිගෙන් ප්රහාරයක් appeared first on ITN News.
Post a Comment