නිමාවූ එංගලන්ත තරග සංචාරය අතරතුර විනය කඩ කිරීමේ චෝදනාවට ලක්වූ ක්‍රිකට් ක්‍රීඩකයින් වන කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ට වසරක කාලයක් සදහා ජාත්‍යන්තර තරග තහනමක් පනවා තිබෙනවා.
මීට අමතරව එක් ක්‍රීඩකයෙකුගෙන් රුපියල් මිලියන 10 ක දඩ මුදලක් ද අය කර ගැනීමට කටයුතු කර තිබෙනවා.
නිමාවූ එංගලන්ත තරග සංචාරය අතරතුර විනය කඩ කිරීමේ චෝදනාවට ලක්වූ ක්‍රිකට් ක්‍රීඩකයින් වන කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ට වසරක කාලයක් සදහා ජාත්‍යන්තර තරග තහනමක් පනවා තිබෙනවා. ඊට අමතරව තවත් වසරකට අත්හිටවූ තරග තහනමක් පනවා ඇති අතර අදාළ කාලය තුළදී මොවුන් යම් විනය නීතියක් කඩ කළහොත් තවත් වසර 2 ක කාලයක් සදහා මෙම තහනම ක්‍රියාත්මක කෙරෙනවා.
මීට අමතරව මොවුන්ට මාස 6 ක කාලයක් සදහා දේශීය තරග තහනමක් ද පනවා ඇති අතර එක් ක්‍රීඩකයෙකුගෙන් රුපියල් මිලියන 10 ක දඩ මුදලක් ද අය කර ගැනීමට කටයුතු කර තිබෙනවා.
තවද මෙම ක්‍රීඩකයින් තිදෙනාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිර්දේශ කරනු ලබන වෛද්‍යවරයෙකු යටතේ උපදේශන සේවයකට ද සහභාගී වීමට සිදුවන බවයි පැවසෙන්නේ.
The post එංගලන්තයේදී විනය කැඩූ ධනුෂ්කට, කුසල්ට සහ දික්වැල්ලට අවුරුද්දක තරග තහනමක් appeared first on ITN News.
Post a Comment