වැඩිමිලට පොහොර අලෙවිකර වෙළෙදසැල් දෙකක් වටලා පොහොර මිටි 586 ක් අත්අඩංගුවට ගැනීමට පාරිභෝගික සේවා අධිකාරිය කටයුතු කළා.
බලංගොඩ නගරයේ සහ බලංගොඩ රජවක ප්රදේශයේ පිහිටි වෙළෙදසැල් දෙකක් වැටලීමට ලක්කිරීමටයි පාර්භෝගික සේවා අධිකාරිය කටයුතු කළේ. පොහොර මිටියක සදහන් මිල වන රුපියල් 5000 වෙනුවට රුපියල් 6000 ලෙස මිල වෙනස් කර අලෙවි කර ඇති බවටයි තොරතුරු හෙළිවී තිබෙන්නේ.
බලංගොඩ නගරයේ පිහිටි වෙළෙදසැලේ තිබී පොහොර මිටි 335 ක් සොය ගැනීමට පාරිභෝගික අධිකාරියට හැකිවුණා. එම වෙළෙදසැල් හිමියාට නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා. බලංගොඩ රජවක වෙළදසැලේද, පොහොර මිටියක මිල වෙනස් කර අලෙවි කර තිබූ අතර එහි තිබී පොහොර මිටි 251 ක් සොයා ගැනුණා.
The post වැඩිමිලට පොහොර අලෙවිකර වෙළෙදසැල් දෙකක් වටලයි appeared first on ITN News.
Post a Comment